Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
03
පෑන් බටෙන් පටන් අරන් අඩි දහස් ගාණක් උඩට ගිය අපේ රොකට් කොල්ලගේ ජීවිතේ ගැන ඔබ නොදත් කතාව - Photos

- පෑන් බටෙන් පටන් අරන් අඩි දහස් ගාණක් උඩට ගිය අපේ රොකට් කොල්ලගේ ජීවිතේ ගැන ඔබ නොදත් කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,627 Views
අපි කවුරුත් හැමදේම කරන්නේ ජීවිතේ දිනන්න.. ඒ යන ගමන නිවැරදිව විශ්වාසයෙන් යනවනම් අනිවාර්යෙන්ම තමන්ගේ අරමුණට යන්න පුළුවන්.. ඒ විදියට ජීවිතෙත් ලෝකයත් දිනන්න වෙරදරන අනාගතේ ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් බබලවන්නට වෙර දරන තරුණයෙක් ගැන පසුගිය දවස්වල හැමෝම වගේ කතා කළා..
ඔහු නමින් තිවංක..

තිවංක තමයි තමන්ගේ දැනුමින් රොකට් එකක් නිර්මාණය කරපු අපේ රටේ සම්පත. දෙදෙනෙකුගෙන් යුත් පවුලේ තිවංක පවුලේ වැඩිමලා.. තිවංකගේ තාත්තා විදේශගත රැකියාවක නියැලෙනවා.

පුංචි කාලේ ඉදලම පොත් පත්තර වල ටීවී වල දකින රොකට් ගැන තිබුණු ආශාව අඩිතාලම කරගනිමින් පාසල් සමයේ 6,7,8, ශ්‍රේණිවලදී මේ නිර්මාණය සදහා අඩිතාලම සකස් කරගත්තා.

ඔහු කළ නිර්මාණයක් අපේ රටේ හොදම නිර්මාණ 10 අතරට තේරුනා.. ඉන් පසු තිවංක ඉන්දියාවේදී ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනය නියෝජනය කළා. එහිදී ඔහු සම්මානයක්ද හිමිකර ගන්න සමත් වී තිබෙනවා.

උසස් පෙලින් පසු තිවංක මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට සම්බන්ධ වෙනවා. 2013 අවුරුද්දේ තිවංක පළමු රොකට් එක නිර්මාණය කරනවා.. නමුත් ඔහුගේ එම උත්සාහය අසාර්ථක වූ බවයි ඔහු අපිට කිවුවේ.

මේ ඔහුගේ පළමු නිර්මාණයයි.
ඉදිරියට යන ගමනේ ගල්පර කම්කටොලු ඇතිබව මනාව වටහාගත් උත්සාහවන්ත තිවංක තම අරමුණ අතරමග නතර කරන්නට ඉඩලබා දී නැහැ..

කුඩා නිර්මාණ සියයකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරමින් ඒවා අසාර්ථක වුවත් උත්සාහවන්තයා ජයගනී යන කියමන යථාර්තයක් බව ඔප්පු කරමින් සාර්ථක නිර්මාණයක් 2015 - 2016 කාලය තුලදි නිර්මාණය කරනවා.

මේ ඔහුගේ සාර්ථක වූ නිර්මාණය
නමුත් අපේ පුංචි රටේ ඉපිද මෙවැනි හපන්කම් කරන වටිනා සම්පතක් ඉදිරියට ගෙන යාමට කිසිවෙකුගෙන් ඔහුට අතහිත නොලැබීම කණගාටුවට කරුණක්.

තිවංක කිවුවේ ද්‍රව රොකට් එන්ජිම හා ගෑස් රොකට් එන්ජිම්ද ඔහු නිර්මාණය කළ පසුව එය නවතා දැමුවේ ඒ සදහා අධික වියදමක් දැරීමට සිදුවන බැවින්.

ඒ වියදම් සපුරාගත්තද ඔහුගේ නිර්මාණ අතහදා බැලීමට ස්ථානයක් ඔහුට නොමැති අතර මේ පිළිබද අධ්‍යාපනයක් ලබා ගැනීමට අපේ රට තුල පහසුකම් නොමැතිකම ගැටලුවක්. 

ඔහු මේ යන ගමන තනිව පොත් පත් ඇසුරෙන් ලබාගත් දෙයින් පමණක් වීම විශේෂත්වයක්. අපේ රට තුල රොකට් අධ්‍යාපනය පිළිබද තියරි පමනක් ඇති බවත් එය ක්‍රියාකාරකම් මගින් නොමැති බවත් ඔහු අප සමග කියූ දෙයක්..

මුල් කාලයේදී කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව ආ මේ ගමනේදී සමහරුන්ගෙන් ඔහුට පිස්සෙක් යන වදන්ද සමාජය ඔහුට පිරිනමා තියනවා කියලත් තිවංක අපිට කිව්වා..

කොහොම වුණත් පසුගිය දවසක ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක් පැමිණ ජනාධිපතිතුමා හමුවී ඉදිරි ගමනට අඩිතාලම දැමීම සදහා අවස්ථාව ලබ දෙනවා කියලත් දැනුම්දීලා.

මෙවන් සම්පත් හදුනාගෙන ඔහු දිරිමත් කර අතහිත දිම බලධාරීන්ගේද යුතුකමක් වනවා නොඅනුමානයි..













Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  705 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  1,224 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  824 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  3,384 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  578 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  675 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  641 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  2,276 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  7,906 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  656 Downloads



Top 10 Commenters

Latest Comments

Top