ඇඹිලිපිටිය හෙළඋඩකන්ද මහා විද්‍යාලයේ ක්‍රිඩා පිටියක පිහිටා තිබු තුඹසකින් නයි බිත්තර 70 හමුවී තිබෙනවා. අද පෙරවරුවේ පාසල් ළමුන් ක්‍රීඩා පිටියට රැස්වී සිටි අවස්ථාවේදී තුඹසෙන් කුඩා නයි පැටවුන් කිහිප දෙනෙකු පිටතට පැමිණ තිබුණා.
පසුව පාසලේ ගුරුවරුන්, දෙමාපියන් සමග එක්ව සොයා බැලීමේදි තවත් නයි බිත්තර 70 ක් සොයා ගෙන තිබුණා. ඒ අතර කුඩා නයි පැටවුන් 6 දෙනෙකුද සිටි බවයි වාර්තා වන්නේ.