ප්‍රවීන ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ කොළඹ ජාතික රෝහලේදී අද පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 76 ක්.
නිවසේදී සිදුවූ හදිසි වැටීමකින් පසු අජන්තා රණසිංහයන් මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.