තමන්ට අතවර කිරීමට තැත් කළ මස්සිනාගේ ලිංගේන්ද්‍රිය දෑකැත්තකින් කපා පොලිසියට රැගෙන ගිය කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පදිංචි මෙම කාන්තාව ජීවත් වී ඇත්තේ සිය නැන්දාගේ නිවසේයි. විවාහක කාන්තාවක් වූ ඇයගේ සැමියා රැකියාව කර ඇත්තේ මහරාශ්ඨ ප්‍රාන්තයේ. ඇයගේ මස්සිනා නිතරම ඇයට අතවර කිරීමට උත්සාහ ගත් බව මේ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.
අදාළ සිදුවීම වූ දිනයේ පාන්දර මස්සිනා විසින් මේ කාන්තාවට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය විසින් දෑකැත්තකින් ඔහුගේ ලිංගේන්ද්‍රිය කපා තිබෙනවා.
පසුව කාන්තාව පොලිසියට ගොස් තිබුණු අතර සිද්ධියත් සමග ඇතිවූ ලැජ්ජාව හේතුවෙන් අදාළ පුද්ගලයා ගසක ගෙල වැලලාගෙන මියගොස් තිබුණා.