ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා යම් අයෙකු විසින් කතානායකවරයාට මරණ තර්ජණය කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. එම පුද්ගලයා මෙලෙස දුරකථනයෙන් මරණ තර්ජනය කළ බවයි කථානායක කරූ ජයසූරිය මහතා පවසා ඇත්තේ.
ඒකාබද්ධ විපක්ෂය ස්වාධීනව කටයුතු කිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.
ඔබතුමාලා වෙනම කණ්‌ඩායමක් ලෙස පිළිගැනීම සඳහා ශ්‍රීලනිපයේ ස්‌ථාවරය මට අවශ්‍යයි. මට මරණීය තර්ජන ආවා. මේක කළේ නැතිනම් මරනවා කිව්වා. මට ඊයේ ඕනෑ තරම් අපහාස කළා. මට අපහාස කළාට කමක් නෑ. ඒත් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කරන්න එපා. ඔවුන් කරන්නේ රාජකාරිය. ඔබතුමන්ලා ශ්‍රීලපනිපය තුළ ඉන්නවාද නැද්ද කියා අපව දැනුවත් කරන්න. නැතිව මෙහි ඇවිත් බාධා කරන්න එපා යෑයි ද කථානායකවරයා පවසා තිබෙනවා.
එසේම ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු මෙම සිද්ධියට සම්බන්ධ නැති බවත් ඔබතුමාට ලබාදුන් දුරකතන තර්ජනය පිළිබඳ විමර්ශනයක් කර එය සිදු කළේ කවුරුන් ද යන්න සභාවට දන්වන ලෙසත් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එම අවස්ථාවේ ප්‍රකාශ කර තිබේ.