Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
24
ෆේස්බුක් දැම්ම වීඩියෝවක් නිසා ගාල්ලේ පුංචි කොල්ලෙකුට නොසිතූ මොහොතක එංගලන්තෙන් ලැබුණු පුදුම හිතෙන තෑග්ග - වීඩියෝ

- ෆේස්බුක් දැම්ම වීඩියෝවක් නිසා ගාල්ලේ පුංචි කොල්ලෙකුට නොසිතූ මොහොතක එංගලන්තෙන් ලැබුණු පුදුම හිතෙන තෑග්ග - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

170,144 Views
ෆේස්බුක් තියෙන්නේ ආදරේ කරලා කොල්ලා, එහෙමත් නැත්තම් කෙල්ල බෑ කීවම මැරෙන්න නෙවෙයි කියලා සමහරු දන්නේ නෑ. ඒ නිසා මෝඩකමට මිනිස්සු හදිස්සි තීරණ ගන්නවා. ඔය අතරේ ෆේස්බුක් නිසා ජීවිතේ වෙනස් කරගත්තු, දියුණු කරගත්තු අය ඕනි තරම් ඉන්නවා. අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. සමහර විට මේක කියවන ඔයා දැනටමත් මේ වීඩියෝ එක බලලා ඇති. ඒකේ ඉන්න ගාල්ල පැත්තේ පුංචි කොල්ලෙක් ගෙදරින් අයින් කරපු ටින්, බෙලෙක්ක, පිඟන් ටිකක් එකතු කරගෙන ඩ්‍රම් සෙට් එකක් හදාගෙන හරි අපූරුවට සෙල්ලම් කරනවා.

පහුගිය කාලේ මේ වීඩියෝ එක හැමෝම අතරේ ජනප්‍රිය වුණේ ඔහුගේ තියෙන හැකියාව නිසා. අපි විතරක් බැලුවා කියලා හිතුවට මේ වීඩියෝ එක ලෝකේ හැමතැනම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. දන්නවද මේ වීඩියෝ එක එංගලන්තේ සංගීත කණ්ඩායමක් වුනු Vintage Trouble කියන බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් වාදයෙකුත් බලලා තියෙනවා.


මේක දැක්ක ගමන් ඔහුට හිතිලා තියෙන්නේ අපේ රටේ ඉන්න මේ පුංචි කොල්ලාව හොයාගෙන ගිහින් ඔහුට අලුතින් ඩ්‍රම් සෙට් එකක් අරන් දෙන්න. මොකද ඔහු මේ පුංචි කොල්ලගේ හැකියාවට වශී වුණු නිසා.

මේ කොල්ලා වෙනුවෙන් ඔහු බ්‍රිතාන්‍ය පවුම් 600ක මුදලක් වැය කරන්නත් කැමති වෙලා තියෙනවා. මොකද මේ ඩ්‍රම්ස් වාදකයත් පොඩි කාලේ ගෙදර මේ විදියටම බෝතල් එකතු කරලා හදාගත්ත ඩ්‍රම් සෙට් එකකින් තමයි ඉස්සරවෙලාම ඩ්‍රම් ගහන්න පුරුදු වෙලා තියෙන්නේ.

ඉතින් ඔහුගේ රසිකයෙක් වුණු  David Tradewell කියන කෙනා මේ පුංචි කොල්ලාව හොයාගෙන ඩ්‍රම් සෙට් එකත් අරන් ලංකාවට ඇවිත්. මේ වීඩියෝව ඉස්සරවෙලාම අන්තර්ජාලයට එක්කරපු කෙනාගෙන් තමයි ඔහු විස්තර හොයාගෙන තියෙන්නේ.

වන්නිපුර තුෂාන් අනුෂ්ක දුලාංජන කියන මේ පුංචි කොල්ලා ගාල්ලේ ඉන්නවා කියලා දැනගත්තම කොළඹ එයාර්පොට් එකේ ඉඳන් ඔහු වාහනයකින්ම තමයි ඇවිත් තියෙන්නේ. ගමේ මිනිස්සුත් මේ පිටරටකින් ආව සුද්දව බලන්න එයාගේ ගෙදරට ඇවිත්.

අනුෂ්කගේ තාත්තා කුරුඳු ව්‍යාපාරිකයෙක් විදියට තමයි ජීවිකාව ගෙනියන්නේ. ඔහුගේ අම්මා දැනට කුවෙට් රටේ සේවයට ගිහින් අවුරුදු 2ක්. මේ පිටරටින් ආව කෙනා දැක්කම ගෙදර අය වගේම අනුෂ්කත් පුදුම වෙලා තියෙන්නේ කියන්නේ මොනවද කියලා හිතාගන්න බැරිව. ඔහුත් එක්ක ඉංග්‍රීසියෙන් හරියට කතාකරගන්න බැරිවුණත් පරිවර්තකයාට කියලා හිතේ තිබ්බ ඔක්කොම දේ අනුෂ්ක වගේම ඔහුගේ තාත්තා  David Tradewell කියන කෙනාට කියලා තියෙනවා.

තමන් අමාරුවෙන් ටින්, බෙලෙක්ක එකතු කරලා හදාගත්ත ඩ්‍රම් සෙට් එක අයින් කරපු අනුෂ්ක දැන් සෙල්ලම් කරන්නේ එංගලන්තේ ඉඳන් එයාට ලැබුණු අලුත්ම ඩ්‍රම් සෙට් එකකින්. ඔහු කවදාහරි හොඳ ඩ්‍රම්ස් වාදකයෙක් වෙයි කියලා තමයි  David Tradewell වගේම අනුෂ්කගේ පියත් කියන්නේ.

අපේ රටේ මේ වගේ හැකියාවන් තියෙන අය ඕනතරම් හිටියත් ඔවුන්ට උදව් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ කළාතුරකින්. හිරු ගොසිප් අපිත්  කාටත් කලින් මේ කතාව ඔබට කීවේ ඒ විදියට හැකියාවන් තියෙන අය ඉන්නවානම් ඔබටත් උදව් කරන්න පුලුවන් කියනදේ ගැන පුංචි මතකයක් හිතේ තියාගන්න කියලා.

අනුෂ්කට ලැබුණු ඩ්‍රම් සෙට් එක වගේම ඔහුගේ වාදන හැකියාව ලෝකෙට අරන් ගිය වීඩියෝ පහතින් නරඹන්න පුළුවන්....

 

ලෝකය පුරා ගියපු අනුෂ්කගේ ඩ්‍රම්ස් වාදනය කරන වීඩියෝ...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  2,654 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  22,133 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,526 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,830 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  22,534 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  12,167 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,435 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,604 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,275 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  49,300 Downloads



Top 10 Commenters

Latest Comments

Top