පසුගියදා රූගත කිරීමක් සඳහා වාහනයෙන් ගොස් නැවත එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වූ රිතූ ආකර්ෂා පදවාගෙන පැමිණි මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පාර්ලිමේන්තු පාරේ ප්‍රධාන දොරටුව අසල අනතුරට ලක්ව තිබුණා.
ආ වේගය නිසාවෙන් එහි යොදා තිබූ ආරක්ෂක කෝන් කිහිපයකටද සිද්ධියයෙන් අලාභ හානි වී තිබූ අතර ටෙලි නාට්‍යයක රූගත කිරීම් සඳහා ගොස් ආපසු එන ගමනේදී මෙම අනතුර සිදුව ඇති බවට පැවසුණා.
ඇයගේ යෙහෙළියක් ගෙදරට ඇරලවා ආපසු යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති රිතුගේ මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබූ අතර එය මේ වන විට අලුත්වැඩියා කොට නැවත භාවිතයට ගන්නට රිතූ සූදානම් වෙනවා.