දැන් කාලේ ඉස්කෝලෙ යන කෙල්ලො කොල්ලො ඉස්කෝලෙ යනවට වඩා යන්නෙ රූම් වලට.
තාවකාලික සතුට හොයාගෙන යන ඒ අයට වෙන්නෙ අන්තිමේ දෙමව්පියන්ටත් සමාජයටත් මුහුණ දෙන්න බැරුව සමාජයෙන් කොන් වෙන්න.
සමහර වෙලාවට රූම්වල ඉඳලා අහුවෙන කොල්ලො කෙල්ලො මේවට යන්නෙ මොකටද කියලාවත් හරියට දන්නෙ නැති වයස්වල අය.
මේ කතාව වෙලා තියෙන්නෙ කළුතර පැත්තෙ.
කළුතර පාසලක ඉගෙන ගත්ත අවුරුදු 14 ක තරුණියක් පසුගියදා එයාගේ 16 හැවිරිදි පෙම්වතා එක්ක රූම් එකකට ගිහිල්ලා.
මේ ගෑණු ළමයා ගෙදරට පංති යනවා කියලා බොරු කියලා තමයි මේ වැඩේ කරලා තියෙන්නෙ.
කොහොම වුණත් පස්සෙ මේ ගෑණු ළමයාගේ පියා පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙන්නෙ එයාගෙ දුව තරුණයෙක් එක්ක පැනලා ගියා කියලයි.
පස්සෙ පොලිසිය මේ දෙන්නාව අත්අඩංගුවට අරන් තියෙන්නෙ කුරූණෑගල පැත්තෙ රූම් එකක ඉන්න වෙලාවේ.
ඒ වෙලාවෙ පොලිසියේ කට්ටිය 16 හැවිරිදි තරුණයාව අත්අඩංගුවට අරන් තිබ්බෙ අවුරුදු 14 තරුණියට අතවර කළා කියලා චෝදනා කරලා.
කෙසේ වෙතත් පසුව තරුණයව ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරලා පරිවාස වාර්තාවක් කැඳවන්න කියලා කළුතර මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කරලා.
මේ අතර තරුණියව කළුතර රෝහලකට ඇතුළත් කරලා තියෙනවා.