මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (28) රාත්‍රියේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වුණා. තෙල්දෙණිය, කුණ්ඩසාලය, දිගන, කුඹුක්කඳුර, අඹකොටේ, මාබේරිතැන්න, සෙනරත්වෙල, නිතුලමඩ, ප්‍රදේශවලට මෙම භූ චලන තත්ත්වය දැනී ඇති බවයි වාර්තා වන්නේ.
පල්ලෙකැලේ පිහිිටි භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් මේ පිළිබදව කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ ඊයේ රාත්‍රී 10 යි 14 ට පමණ යම් සුළු කම්පන තත්ත්වයක් එම මධ්‍යස්ථානයට ද වාර්තා වී ඇති බවයි.
එය නිශ්චිතවම භූ චලනයක් ද යන්න පරීක්ෂණ කිරීම සදහා නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයන්ට පිටත් කරන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළා.