හපුතලේ - වැලිමඩ මාර්ගයේ ඇඩිෂන් බංගලාව නැරඹීමට ගිය පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඊයේ (27) දහවල් රෝහල් ගතකර තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙක්. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා හපුතලේ - කන්කැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.