සැමියත් වෛද්‍යවරයෙක්
ලණුවකින් විදුලි පංකාවක එල්ලිලා
පසුගිය 30 වනදා කළුබෝවිල මහ රෝහලේ වෛද්‍යවරියක් සිය නිවසේ කාමරයකදී සියදිවි නසාගෙන තිබෙනවා. ඒ විදුලි පංකාවක ගැටගැසූ නයිලෝන් ලණුවක එල්ලීමෙනුයි. රාත්‍රි මෙලෙස දිවි නසාගෙන ඇත්තේ තලංගම, කලල්ගොඩ පදිංචිව සිටි 36 හැවිරිදි වෛද්‍යවරියකි. ඇයට මාස 7 හා අවුරුදු 4 වයසේ පසුවන පුතුන් දෙදෙනකු සිටින බවටද තොරතුරු වාර්තා වේ.
ඇයගේ සැමියාද කළුබෝවිල රෝහලේම සේවය කරන අතර ඔහුද වෛද්‍යවරයකි. ඇය මියයන්නට පෙර අවසන් වරට ලිපියක්ද ලියා තිබෙනවා. එම ලිපියේ "දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන ප්‍රසව ආතතිය නිසා තවදුරටත් විඳ දරාගත නොහැකිය" යනුවෙන් සඳහන් වී තිබී ඇති බවටද වාර්තා වේ.
කලල්ගොඩ නිවස වසා දමා මෙම වෛද්‍යවරිය, ඇගේ සැමියා හා දරු දෙදෙනා සමඟ වැඩි වශයෙන්ම සිට ඇත්තේ ගම්පහ මවගේ නිවසේය. සිද්ධිය වූ දිනයේ මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කර දහවල් 1.35 ට පමණ තලවතුගොඩ නිවසට යන බව සිය සැමියාට SMS පණිවුඩයක් මගින් දැනුම් දී ඇත.
සිය බිරිඳ ගම්පහ මහ ගෙදරට එන්නට රෑ බෝවීම ගැන සැක සිතූ එම වෛද්‍යවරයා කලල්ගොඩ නිවසට ගොස් තිබේ. නිවසේ දොර ඇර කාමරයට ගොස් බැලීමේදී බිරිඳ විදුලි පංකාවේ එල්ලී සිටිනු දුටු ඔහු මේ ගැන ප්‍රදේශවාසීන්ට හා පොලිසියට දැනුම් දී තිබේ.
කඩුවෙල වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය. දිවි නසාගත් වෛද්‍යවරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (01 වැනිදා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදුකිරීමට නියමිතව තිබිණි.