පසුගිය කාලය පුරා රටතුළ බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වූ කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පාසැල් සිසුවා හා සේයාගේ නිවස ආසන්නයේ පදිංචිව සිටි එක්දරු පියාට රහස් ස්ථානයක නීති විරෝධී ලෙස දිනගණනක් රඳවාගෙන පහරදී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවට වාර්තා වෙනවා.
ඔවුන් දෙදෙනා රඳවාගෙන පහරදීම සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයාත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාත් තවත් නිලධාරීන් දෙදෙනෙකුත් වගකිව යුතු බව විමර්ශන වාර්තාවේ දැක්වෙන බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.