කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ නඩු තීන්දුව ඊයේ (27) ප්‍රකාශයට පත්වුණු අතර එහිදී වරදකරුවන් වූ වාස් ගුණවර්ධන හා ඔහුගේ පුතා ඇතුළු 6කට මරණ දඬුවම නියම වුණා. නමුත් නඩු තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මොහොමඩ් සියාම්ගේ පියා ප්‍රකාශ කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන, වරදකරු නොවන බවයි.
ඔහු අභියාචනයක් ඉදිරිපත් කළහොත් තමන් සාක්ෂි ලබාදීමට සූදානම් බව ද මොහොමඩ් සියාම්ගේ පියා ප්‍රකාශ කළා.
එම ප්‍රකාශයෙන් දිනක් ගතවන්නටත් පෙර සියාම්ගේ පියා විසින් අධිකරණය ඉදිරියේ මාධ්‍යට අදහස් දක්වමින් කළ ප්‍රකාශය මේ වන විට ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඔහු කියා සිටියේ තමා නඩු විභාගය අවසන් වූ අවස්ථාවේදී දැඩි මානසික ආතතියකින් පසුවූ බවයි.