කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත්වුණු අතර එහිදී වරදකරුවන් වූ වාස් ගුණවර්ධන හා ඔහුගේ පුතා ඇතුළු 6කට මරණ දඬුවම නියම වුණා.
නමුත් නඩු තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මොහොමඩ් සියාම්ගේ පියා ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන, වරදකරු නොවන බවයි.
ඔහු අභියාචනයක් ඉදිරිපත් කළහොත් තමන් සාක්ෂි ලබාදීමට සූදානම් බව ද මොහොමඩ් සියාම්ගේ පියා ප්‍රකාශ කළ බවට වාර්තා වෙනවා.