ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (27) ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී ආරම්භ වනවා. ඒ, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතරයි.
අද පැවැත්වෙන තරඟය සඳහා රෝස පැහැති පන්දුවක් යොදාගැනීමටයි තීරණය කර ඇත්තේ. සාමාන්‍යයෙන් මෙතෙක් ටෙස්ට් තරඟ පැවතියේ දිවා තරඟ ලෙසයි.
ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් තරඟ නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි කරගැනීමේ අරමුණිනුයි මෙලෙස දිවා රාත්‍රී ටෙස්ට් තරඟ පැවැත්වීමට තීරණය කර ඇත්තේ.
අද ආරම්භ වන තරඟය සඳහා ක්‍රීඩා ලෝලීන් 40000 ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.