පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරුන් ඊයේ (26) පත් කෙරුණා. ඒ අනුව, කෝප් කමිටුවේ සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පත් කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නයි.
කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කළ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර ඇත්තේ අමාත්‍ය රවුෆ් හකීම් විසින් වන අතර එය ස්ථිර කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරායි.