මෙවර අයවැය මගින් මධ්‍යසාර ප්‍රතිශතය සියයට 5 ට අඩු බියර් ආනයනයේදි අඩු කළ බදු මුදල නැවත වැඩි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව රුපියල් 190 සිට රුපියල් 160 දක්වා අඩු කළ මෙම බදු මුදල ඉහළ දමන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
බදු අඩු කිරීම තුළින් බියර් වර්ග ප්‍රවර්ධනය වීම සළකා ජනාධීපතිවරයා මුදල් අමාත්‍යවරයාට මෙම උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.