35 හැවිරිදි විවාහක පුද්ගලයෙකු විසින් අනුරාධපුරය නගරයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් අද උදෑසන පැහැර ගෙන ගොස් තිබෙනවා.
ඒ, ඇය සිය මිතුරියන් තුන්දෙනෙකු සමඟ උපකාරක පන්තියකට යමින් සිටියදියි. අනුරාධපුර පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු පළමුව සිසුවියට පහරදී බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට දමාගෙන රැගෙන ගොස් ඇති බවයි.
එම අවස්ථාවේ අදාළ සිසුවියගේ මිතුරියන් විසින් පැහැරගැනීම සිදුකළ ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබූ අතර, ඒ අනුව පොලිස් භාරයට ගැනුනු ත්‍රිරෝද රථයේ රියදුරු සඳහන් කර ඇත්තේ අනුරාධපුර - වෙස්සගිරිය ප්‍රදේශයේදී සැකකරු පාසල් සිසුවිය වෙනත් මෝටර් රථයකට නංවාගත් බවයි.
මෙම සිසුවිය අනුරාධපුරය - පූනෑව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ප්‍රේම සබඳතාවක් මත මෙය සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරනවා. පැහැරගැනීම සිදුකළ පුද්ගලයා අනුරාධපුරය දෙකේ කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.