ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන අතර ශ්‍රව්‍ය හා දෘශ්‍ය ද්විත්වයේම ජනප්‍රියතම සන්නාමය වන හිරු ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට ද පත්වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමාජ මාධ්‍යජාලය වන ෆේස්බුක්හි පරිශීලකයින් මිලියනයකට අධික සංඛ්‍යාවකගේ කැමැත්ත දිනා ගනිමින්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අන් සෑම රසික පිටුවකටත් (Fan Page ) වඩා හිරු රසික පිටු ප්‍රේක්ෂකයින් අතර ඉහළින්ම වැජඹෙනවා. මේ මොහොත වනවිටත් නව පරිශීලකයින් හිරු රසික පිටුවට කැමැත්ත පළ කරමින් සිටින අතර එය මේ වනවිට මිලියනය පසුකර හමාරයි.
ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ හිරුට අභියෝගයක් නොමැති බව සපථ කරමින් රසික පිටු වර්ගීකරණයේ දෙවන ස්ථානයත් හිමිව ඇත්තේ හිරු ප්‍රවෘත්ති වෙතයි. SOCIALBAKERS නිල සමාජ මාධ්‍ය වර්ගීකරණයට අනුව හිරු ප්‍රවෘත්ති වෙත සිටින රසිකයින් ගණන ද මිලියනයකට ඉතා ආසන්නයි.
මෙම ජනප්‍රියතාවය මෑතකදී ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති සම්මාන උළෙලේදී සම්මානයට ද පාත්‍ර වුණා. ඒ, උළෙලේ සියලූ ප්‍රධාන සම්මාන දිනා ගැනීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. සමත්වෙමින්.
ඒ අනුව හිරු ප්‍රවෘත්ති, ජනප්‍රියතම ප්‍රවෘත්ති සපයන්නා බවට සම්මානයට පාත්‍රවද්දී, ජනප්‍රියතම රූපවාහිනිය සහ ගුවන් විදුලිය ලෙස, හිරු ටී.වී., හිරු එෆ්.එම්. සම්මාන දිනාගත්තා.
හිරු ජනප්‍රියතාවයෙන් පමණක් නොව ගුණාත්මකභාවයෙන් ද ඉදිරියෙන් සිටින බවට හොඳම සාක්ෂියක් සපයන්නේ “BESTWEB.LK” සම්මාන උළෙලේදී හිරු ලැබූ ජයග්‍රහණයි.
එම සම්මාන උළෙලේදි මෙරට හොදම වෙබ් අඩවි තෝරා ගැනුණා.
එම සම්මාන උළෙලේදී ද මාධ්‍ය අංශයේ ජනප්‍රියම සම්මාන සියල්ල හිමිකර ගත්තේ හිරුයි. මාධ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය
www.hirunews.lk . වූ අතර, වින්දනාත්මක අංශයේ ජනප්‍රියම වෙබ් අඩවියට හිමි සම්මානය
www.hirufm.lk සතු වුණා.
ඊට අමතරව
www.hirufm.lk ක්‍රීඩා හා වින්දනාත්මක අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. ඒ, මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ එල්.කේ ඩොමේන් ආයතනයට සම්බන්ධ විශේෂඥයන් විසින් සිදුකළ ඇගයීමක් අනුවයි.
එම ඇගයීමේදී හිරු එෆ්.එම්. වෙබ් අඩවිය සතු තාක්ෂණය, සැලසුම් නිර්මාණය, අන්තර්ගතය හා පරිශීලකයන් අතර ඇති අන්තර් සබදතාවය සැලකිල්ලට ගෙන තිබෙනවා.
හිරු ලබාගත් මෙම සම්මාන ගොන්න හා ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රමුඛයා බවට පත්වීම තුළින් යළි සපථ වන්නේ ආසියානු මාධ්‍යජාලයේ වෙබ් අඩවි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිරන්තරයෙන් භාවිත කරන බවයි.
ශ්‍රි ලාංකිකයන් අතර ඉහළින්ම වැජඹෙන මෙම වෙබ් අඩවි ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරීත්වය දරන්නේ ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධිත ලෝටස් ටෙක්නොලජීස් ආයතනයයි.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති
රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ ලෝටස් ටෙක්නොලජීස් ආයතනය මෙරට අන්තර්ජාල මාධ්‍ය කලාව, නව මානයකට යොමු කිරීමට අද වනවිට සමත්ව තිබෙනවා.