Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
15
අහිමිවන්නට යන පෙම දරාගත නොහැකි වූ පෙම්වතාගේ උණ්ඩ වරුසාවකට මැදිව ලොවට සමුදුන් චමිලාගේ කතාව - Photos

- අහිමිවන්නට යන පෙම දරාගත නොහැකි වූ පෙම්වතාගේ උණ්ඩ වරුසාවකට මැදිව ලොවට සමුදුන් චමිලාගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

165 Views
අලුත් ජොබ් එකත් එක්ක ආදරේ ටිකෙන් ටික අඩුවෙලා,
හොඳින් බැරිනම් නරකින් හරි ආදරේ ලබාගන්න බලලා

පසුගිය දිනෙක මාතර ප්‍රදේශයේදී රූමත් තරුණියක්ව නාවික හමුදාවේ සේවය කරන ඇයගේ පෙම්වතා විසින් වෙඩිතබා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුද දිවිනසාගත් සෝචනීය පුවතක් පිළිබඳව වාර්තා වුණා. ප්‍රේමයෙන් පරාජය වූ නිසාවෙන් මෙම වෙඩි තැබීම සිදුකළ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙන අතර සිද්ධියට මුල්වූ හේතුව සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක ලිපියකුයි පහතින් දැක්වෙන්නේ..

සිද්ධියට මුහුණදුන් තරුණිය විසින් පෙම්වතාව ප්‍රතික්ෂේප කිරීම මෙම වෙඩිතැබීමට හේතුව වී ඇති අතර සිද්ධියට පෙර පෙම්වතා සම්බන්ධයෙන් ඇය පොලිසියේ පැමිණිල්ලක්ද කර තිබෙනවා.

චමිලා ප්‍රසාදිනී සුන්දර යුවතියකි. නිතරම පාහේ මුවඟේ නැගෙන සිනා රැල්ලෙන් ඇයගේ සුන්දරත්වය තවත් ඔපවත් විය. අතිශය රූමත් බව චමිලාට විටෙක කරදරයක්‌ විය. ඒ ඇයගේ ආදරය පතා ආ තරුණයන් නිසාය. පාසල් කාලයේ සිට විවිධ තරාතිරම්වල තරුණයන් ඇයගෙන් ආදරය පතා ආවත් ඇය කිසිවකුටත් කැමැත්තක්‌ දැක්‌වූයේ නැත.

චමිලා ගේ එකම අරමුණ වූයේ හොඳින් පාසල් අධ්‍යාපනය ලබා සරසවි වරම් ලබා ගැනීමය. අවසානයේ චමිලා තම ඉලක්‌කය ජය ගත්තේ පේරාදෙණිය සරසවියේ වරම් හිමිකර ගනිමිනි.

සරසවියට ඇතුලු වූ පසුත් ඇය වෙනදාටත් වඩා තරුණයන්ගේ ආකර්ෂණයට ලක්‌වූවාය. වෛද්‍යවරයාගේ සිට පාර තොටේ රස්‌තියාදු ගසන තරුණයා දක්‌වා නොයෙක්‌ තරාතිරමේ පුද්ගලයෝ ඇයගෙන් ආදරය පැතුහ. නමුත් ඇය ඒ කිසිවකුටත් ප්‍රතිචාරයක්‌ නොදැක්‌වූවාය.

චමිලා සරසවියට ඇතුලු වී මාස කිහිපයක්‌ ගෙවී ගියේය. ඒ වන විටත් ඇයගේ හොඳම යෙහෙළියන් සියලු දෙනාටම පෙම්වත්තු සිටියහ. සමහර අවස්‌ථාවල පෙම්වතුන් සමඟ ආ ගිය තැන් පිළිබඳ විවිධ තොරතුරු චමිලාට යෙහෙළියෝa පැවසුහ. ඒ සමහර කතා ඇයට ඉතා හරවත් විය. මේ අතර කාලය තුළ චමිලාගේ සිතටද පෙම්වතකු නැති අඩුව තදින්ම දැනුණි.
ගන්දර පාතගම පදිංචි සමන් කුමාර ජයසිංහ නාවික හමුදා සෙබළෙකි. හමුදාවේ සේවය කළත් ඔහු දඩබ්බරයෙක්‌ නොවීය. ඔහුට තිබුණේ කරුණාබර හදවතකි. අසරණ මිනිසුන්ට උදව් කිරීම ඔහුගේ එක්‌ ගුණාංගයක්‌ විය. අතිශය රූමත් නොවුණත් තරුණියන්ගේ ආකර්ෂණයට ලක්‌වන සුළු රුවක්‌ සමන්ට උපතින්ම පිහිටා තිබුණි.

සමන් කුමාර චමිලාව දකින්නේ නොසිතූ මොහොතකදීය. දුටු පළමුවර සමන්ගේ සිත නතර වූයේ චමිලා ළඟය. ඔහු මේ රූමත් යුවතිය තමාගේ පෙම්වතිය කර ගන්නට හැකිනම් කොතරම් අගේදැයි දහස්‌ වර කල්පනා කළේය. චමිලා ගැන සියලු තොරතුරු සොයා බලා තම අවංක ආදරය සමන් ඇයට ප්‍රකාශ කළේය.

චමිලා එක්‌වරම කැමැත්ත ප්‍රකාශ නොකළත් ඇයගේ සිතේ ද සමන් ගැන හැඟීමක්‌ තිබුණි. කාලයාගේ ඇවෑමෙන් දෙදෙනාම නොදැනුවත්වම පෙම්වතුන් බවට පත්වූහ. චමිලා තමාට ආදරය ප්‍රකාශ කළ දින සමන් රටක්‌ රාජ්‍යයක්‌ දිනූ පුද්ගලයකු මෙන් සතුටින් ඉපිලුණේය.

සමන්ගේ එකම ලෝකය වූයේ චමිලාය. ඔහු ඇයට අවංකවම ආදරය කළේය. චමිලාද සමන්ට පණ මෙන් ආදරය කළාය. සමන් නිවාඩුවක්‌ ලද විගස කූඩුවකින් මුදාහළ කුරුල්ලකු මෙන් ඉගිල ගියේ චමිලා ළඟටය. ඔවුහූ සෑම මොහොතකම නිදහසේ පෙම් සුව වින්දහ.

පෙම්වතුන් වී නොබෝ කලක්‌ ගතවීමට මත්තෙන් දෙදෙනාම මෙම සම්බන්ධය ගැන නිවැසියන්ට ද පවසා තිබුණි. එම නිසා ඔවුන්ද මෙම සම්බන්ධයට විරුද්ධත්වයක්‌ පළ කළේ නැත. ක්‍රමයෙන් සමන් චමිලාගේ නිවසට පැමිණීමටද හුරුවී සිටියේය. සමන්ගේ කැමැත්ත වූයේ සරසවියෙන් පිටවූ වහාම චමිලාව විවාහ කර ගැනීමටයි.

සමහර අවස්‌ථාවල චමිලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ද සමන් අත දිගහැර මුදල් වියදම් කළේය. තම පෙම්වතිය ඉල්ලන ඕනෑම දෙයක්‌ දෙපාරක්‌ නොසිතා අරන් දීමට තරම් ඔහු නිර්ලෝභී විය. මේ අතර කාලය තුළ දෙදෙනාගේ ආදර සම්බන්ධයද කිසිම බාධාවකින් තොරව ගලා ගියේය.

කාලයාගේ ඇවෑමත් සමඟ චමිලාගේ සරසවි අධ්‍යාපන කටයුතුද අවසන් විය. දැන් ඇය උපාධියක්‌ සහිත යුවතියකි. චමිලාගේ උපාධිය පිළිබඳ බොහෝ සතුටු වූයේ සමන්ය. ඔහු තම යහළුවන්ටද ආඩම්බරයෙන් යුතුව පැවසුවේ මගේ පෙම්වතිය උපාධිධාරිනියක්‌ කියාය.

උපාධිය ලබා සුළු කාලයක්‌ ගතවීමට මත්තෙන් ඇයට රැකියාවක්‌ ලැබුණි. ඒ මාතර දිස්‌ත්‍රික්‌කයේ මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්‌තව ළමා ආරක්‍ෂක නිලධාරිනියක්‌ ලෙසය. රැකියාව ලැබීමත් සමඟ චමිලාගේ ආදර සම්බන්ධයද ටිකෙන් ටික බිඳ වැටුණි. සමන්ගේ අදහස්‌ තමන්ගේ අදහස්‌වලට ගැළපෙන්නේ නැති බව නිතරම ඇය පැවසුවාය. අවසානයේ ඇය දැඩි තීරණයක්‌ ගත්තාය. ඒ සමන් සමඟ ඇති ආදර සම්බන්ධතාවය නතර කර දැමීමටය.

චමිලා සමන්ට ඒ බව පැවසුවාය. මෙය ඇසීමෙන් සමන්ට උන්හිටි තැන් පවා අමතක වූවේය. ඔහු මුලින්ම හිතුවේ පණ මෙන් ආදරය කළ චමිලා තමාට විහිළු කරන බවයි. නමුත් ටික වෙලාවකින් සමන්ට ඇත්ත තත්ත්වය තේරුණේය. ඇත්තටම චමිලා තමාව අතහැර යන බව ඔහු දැනගත්තේය. එයට හේතුව වශයෙන් ඇය ප්‍රකාශ කළේ දෙදෙනාගේ අදහස්‌ නොගැළපෙන බවයි.

සමන්ට චමිලා අමතක කර දැමීමට කෙසේවත් නොහැකි විය. ඔහු නිතර නිතර චමිලාට කරදර කරන්නට විය. ඒ සෑම මොහොතකම ඔහු කීවේ තමාව අතහැර නොයන ලෙසයි. නමුත් චමිලා එය ප්‍රතික්‌ෂේප කළේ අදහස්‌ නොගැළපෙන දෙන්නෙක්‌ එකතු වීමෙන් ඉදිරියේදී ගැටලු රැසක්‌ නිර්මාණය වන බව පවසමිනි. නමුත් සමන් එය පිළිගත්තේ නැත.

හොඳින් හෝ නරකින් චමිලා ලබා ගන්නා බවට ඔහු සිතා ගත්තේය. ඒ අනුව සමන් දිනක්‌ චමිලාගේ නිවසට ගොස්‌ පිහියක්‌ බෙල්ලට තියා ඇයව බලෙන් පැහැරගෙන යැමට උත්සාහ කළේය. නිවැසියන්ගේ මැදිහත්වීම මත එය අසාර්ථක විය.

අවසානයේ මෙම සිද්ධිය පිළිබඳව චමිලා මාතර පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ දැමුවාය. ඒ අනුව සමන්ව පෙම්වතිය පැහැරගෙන යැමේ චෝදනාව මත අධිකරණයට පවා ඉදිරිපත් කළේය. එහිදී යළි චමිලාට කිසිම කරදරයක්‌ නොකරන ලෙසට අවවාද කර ඇප මත ඔහුව මුදා හැර තිබුණි.

අධිකරණ නියෝග පවා තුට්‌ටුවකට මායිම් නොකර සමන් චමිලා පසු පසම පැන්නුවේය. ඔහුට වුවමනා වූයේ කෙසේ හෝ චමිලා තම බිරිඳ කර ගැනීමටයි. නොයෙක්‌ ආකාරයෙන් ඒ ගැන ඇයට පැහැදිලි කළත් චමිලාගේ හිත වෙනස්‌ නොවීය.

පසුගිය 10 වැනිදා ආදරයෙන් බැට කෑ සමන් දැඩි තීරණයක්‌ ගත්තේය. ඒ චමිලාවද මරා දමා තමා දිවි නසා ගන්නා බවයි. එදින වෙනදා මෙන් රාජකාරියට වාර්තා කළත් සමන් හිටියේ දෙගිඩියාවකිනි. ඒ තමා දැන් ගෙවන්නේ ජීවිතයේ අවසාන හෝරා කිහිපය බව දන්නා නිසාය.

නිල ඇඳුම පිටින් සිටි සමන් රාජකාරි තුවක්‌කුවද රැගෙන චමිලාගේ නිවස වෙත පැමිණියේය. ඒ වනවිට වෙලාව රාත්‍රි 8.00 ට ආසන්න වී තිබුණි. චමිලාගේ නිවසේ ඉදිරිපස දොර වසා තිබුණි. මේ කිසිත් නොදත් චමිලා මුළුතැන්ගෙයි රාත්‍රි ආහාර පිසිමින් සිටියාය. එකවරම ඇහුණු ශබ්දයට බයෙන් ඇය තම කාමරය වෙත දිව ගියාය.

ඉදිරිපස දොරට වෙඩි තබා නිවසට ඇතුළු වූ සමන් කෙලින්ම ගියේ චමිලාගේ කාමරය වෙතය. ගත වූයේ තප්පර ගණනකි. කලක්‌ තමා ආදරය කළ පෙම්වතිය වෙත වෙඩි වරුසාවක්‌ සමන් එල්ල කළේය. ඇයට කිසිවක්‌ සිතා ගැනීමටවත් නොහැකි විය. කපා හෙලූ කෙසෙල් කඳක්‌ මෙන් ඇය පොළොව මතට ඇද වැටුණි. උණුහුම් ලේ ගලා හැලෙන චමිලාගේ නිසල සිරුර දෙස සුළු මොහොතක්‌ බැලූ සමන් එම ගිනි අවියෙන්ම තමාගේ ඔළුවටද වෙඩි තියා ගත්තේය. ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වූ නිසල සිරුර ද චමිලාගේ සිරුර උඩටම ඇදගෙන වැටුණි.

ප්‍රේමයෙන් වියරු වැටුණු සමන් තම පැරැණි පෙම්වතිය ඝාතනය කිරීම කෙසේවත් අපට අනුමත කළ නොහැකිය. නමුත් සමන් එවැනි තත්ත්වයකට පත් වූයේ චමිලාගේ ආදරය අහිමි වීම නිසාය. කෙසේ වෙතත් අවසානයේ සිදුවූයේ වටිනා ජීවිත දෙකක්‌ රටට අහිමි වීමය.

ගයාන් සමරසිංහ

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top