බූස්ස කැම්ප් එකේ රියදුරු පුහුණුව අතර
වයර් එක වැටිලාලු
ගාල්ල - ගිංතොට ප්‍රදේශයේදී අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් යුද හමුදා සෙබළුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගිංතොට පල්ලිය ඉදිරිපිට නවතා තිබූ රිය පුහුණු වෑන් රථයක් මතට මෙම අධිබලැති විදුලි රැහැන අද (03) දහවල් කඩා වැටී ඇති බවයි.
පිළිස්සුම් තුවාල ලැබූ තවත් යුද හමුදා සෙබළුන් තුන්දෙනෙකු සහ රියදුරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.