කැම්පස් එකේ ප්‍රේමය අවුරුදු 2කට කළින් ඉවරත් කරලාඅායෙත් ඇවිත් පැහැරගෙන ගිහින්
මාතර - ඌරුබොක්ක - ඉන්දොල මංසන්ධියේදී ගුරුවරියක් පැහැර ගත් පැරණි පෙම්වතා එම ගුරුවරියද සමඟ ඊයේ (20) පස්වරුවේ ඌරුබොක්ක පොලීසියට භාරවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ සැකකරු කළකට පෙර අදාළ ගුරුවරියගේ පෙම්වතා බවයි. සරසවියේදී ඇරඹුණු එම ප්‍රේම සබඳතාව මීට වසර දෙකකට පෙර අවසන් වී ඇති බවත් ඔහු කියා සිටියා.
බස් රථයෙන් බැස පාසලට පැමිණෙමින් සිටියදී ඊයේ උදෑසන 28 හැවිරිදි මෙම ගුරුවරිය වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් තිබුණා. පසුව පරීක්ෂණ සිදුකළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගත්තේ සැකකරුගේ බාල සොහොයුරායි.
ඔහු මේ වනවිට මොරවක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
අනතුරුව පැහැරගැනීමේ සිද්ධියට අදාළ වෑන් රථය සහ එහි රියදුරු සමඟ ඇඹිලිපිටියේදී පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඉන් පසුවයි පැහැරගැනීම සිදුකළ ගුරුවරියගේ පෙම්වතා ඇය සමඟ පැමිණ නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවී ඇත්තේ.