සිසුවිය 9 වසරේ සිසුවා 13 වසරේ,පාසැල් ඇඳුමින් ටවුමට ඇවිත් රෙදි මාරු කරන් පැනලාගෙදර අය හොයන්න බස් එකේ යද්දිඒ බස් එකටම මඟදි ගොඩවෙලා
කුලියාපිටිය ප්‍රධාන පාසැල් දෙකක 9 හා 13 වසරවල ඉගනුම ලබන සිසුවියක් හා සිසුවෙක් පාසැල නිමවී නිවෙස් කරා නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් විසින් රැය පහන්වනතුරු දරුවන්ව සොයා තිබෙනවා.
ඔවුන් පිළිබඳව තොරතුරක් නොමැති හෙයින් නැවත නිවෙස බලා බස් රථයකින් පැමිණෙන විට සිසුවා හා සිසුවිය දෙමාපියන් සිටි බස් රථයටම අතරමඟදී ගොඩවී තිබෙනවා.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය 12 වනදා මොවුන් දෙදෙනා පාසල් පැමිණ නගරයේ ස්ථානයක රහසිගතව පාසැල් නිළ ඇඳුම් මාරුකොට නිකවැරටිය ප්‍රදේශයටත්, ඉන් අනතුරුව නැවත නගරයටත් පැමිණ ඇති අතර එදින ඔවුන් නිවෙස් වලට නොගොස් කටුපොත ප්‍රදේශයේ වෙනත් නිවසකට ගොස් තිබෙනවා.
නමුත් එහි නවාතැන් දීම නිවැසියන් ප්‍රතික්ෂේප කළ හෙයින් මොවුන් හිත්තරපොල ප්‍රදේශයේ වන ලැහැබක රැය පහන්කර ඇති බවට පොලිසිය මගින් අනාවරණය කරගන තිබෙනවා.
සිසුවියගේ දෙමාපියන් සොයාගත් තොරතුරු අනුව සැකකාර සිසුවා කටුපොත ප්‍රදේශයේ අයෙකු නිසාවෙන් ඒ ප්‍රදේශය පරීක්ෂා කර නැවත කොළඹ බසයේ පෙරලා කුලියාපිටියට පැමිණෙන අතරමගදීයි සිසුවා හා සිසුවිය දෙමාපියන් සිටි බසයට ගොඩවී ඇත්තේ.
කුලියාපිටිය පොලිසිය මගින් කළ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය කරගත් තොරතුරු අනුව මේ වන විට දැරිය වෛද්‍ය පරීක‍්ෂණයක් සඳහා රොහල්ගතකර ඇති අතර සැකකාර පාසල් සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.