දෙමළ සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නොවැම්බර් 4 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබාදුන්නා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.