ඉන්දියාවේ මුම්බායි නගරයේ වයස අවු 50 පමණ වන පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටී සිටියදී කිසියම් පිරිසක් විසින් මෙම පුද්ගලයා රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. පසුව එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් මෙම පුද්ගලයා පරීක්ෂා කර බලා ඔහුගේ නාඩි සහ හදවත, ආශ්වාස ප්‍රාශ්වාස කිරීම පවා නතරවී තිබූ නිසා රෝහල් නීතියට පටහැනිව ඔහු මියගොස් ඇති බවට නිවේදනය කරමින් මෘත ශරීරාගාරයවෙත යවා තිබෙනවා.
පසුව මෙම පුද්ගලයාගේ මරණ පරීක්ෂණය සිදුකිරීමට යාමේදී ඔහු ජීවතුන් අතර සිටින බවට තහවරුවී තිබෙනවා.
අදාල පුද්ගලයා බේබද්දෙක් සහ ඔහු තම ජීවිතය පිළිබඳ තැකීමක් නොකර ඇති බව රෝහල් ප්‍රධානියා පවසනවා.
තවද මෙම පුද්ගලයාගේ මුහුණේ සහ කණ ප්‍රදේශයේ ඉහඳ පණුවන් සිට ඇති අතර, ඉහඳ පණුවන් සිටය හැක්කේ මැරුණු මෘතදේහයක බවත්, මෙම පුද්ගලයා මත්පැන් පානය කර සතියකට ආසන්න කාලයක් කුණුගොඩක හෝ සතෙකු මියගිය ස්ථානයක වැටී සිට ඇති බවට උපකල්පනය කරන බව රෝහල් ප්‍රධානියා වැඩිදුරටත් පවසා තිබෙනවා.
දැනට මෙම පුද්ගලයා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවටද වාර්තා වෙනවා.