කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ පාසල් සිසුවා සහ එක්දරු පියා වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම් මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරියේ ඊයේ සලකා බැලුණි.
එහිදී හෙළිදරව් වී ඇත්තේ අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි සිසුවා සම්බන්ධයෙන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී රහුල් හක් පරස්පර විරෝධී වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇති බවයි.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරස්පර විරෝධී වාර්තා දෙක සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී තිබේ.
ඒ අනුව ඉදිරියේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මානව හිමිකම් කොමිසම වෙත කැදවා විමර්ශන කිරීමට නියමිත බව එම කොමිසම් සභාවේ නීතිලේකම්වරයා සදහන් කළේය.
මානව හිමිකම් කොමිසම ඉදිරියේ සලකා බැලූණේ ලංකා ගුරු සංගමය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ලකි. මෙම පරීක්ෂණ කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමිසම ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක් ද පැවැත්වුණි.
මීට අමතරව කොටදෙනියාව ප්‍රදේශවාසීන් දස දෙනෙකුගෙන් පමණ ද මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය ඊයේ ප්‍රකාශ සටහන් කර ගත්තේය.
පොලිස් භාරයේ සිටියදී තමන්ට පහර දුන් බව 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා පොලීසියට සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අධීක්ෂ්ණය යටතේයි.
මේ අතර, යාපනයේදී දූෂණය කර ඝාතනය කරනු ලැබූ විද්‍යා සිවලෝගනාදන් දැරියට සාධාරණයක් ඉල්ලා ඇයගේ දෙමාපියන් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජිතයන් සහ උතුරු පළාත නියෝජනය කරමින් පැමිණි ජනතාව ඊයේ ජනාධිපති කාර්යාලයට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාර දෙනු ලැබීය.
පසුගිය 5 වන දා යාපනයෙන් ආරම්භ කරන ලද විරෝධතා පා ගමන ඊයේ කොළඹ දී අවසන් කරමින් සංදේශය භාර දෙනු ලැබුවේය.