මෙවර පැවතී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 167 ක් ලබා ගනිමින් විභාගය සමත්වීමට අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රථමික විද්‍යාලයේ අබාධිත ශිෂ්‍යයෙකු සමත්වී තිබේ.
මෙසේ විභාගය සමත්වී ඇත්තේ අම්බලන්තොට බෙලිගාලගොඩ ප්‍රදේශයේ පදිංචි දිනුජ නිම්සර අබේවික්‍රම නමැති ශිෂ්‍යයෙකි.
ඔහුගේ පියාවන ඉන්දික කුමාර අබේවික්‍රම සුළු ව්‍යාපාරිකයෙකි. මව වන දර්ශනී නිලුපා ජිවනි ගෘහණියකි . උපතින්ම දෙඅත් අබාධිත දිනුජ නිම්සර තම ජයග්ග්‍රහණය උදෙසා කැපවූ අයුරු අපට අදහස් දක්වමින් මෙසේ කියා සිටියහ.
''මම හැමදාම පාසැලේ දෙන වැඩ ටික කොහොම හරි කළා. මට ඕනවෙලා තිබුනේ විභාගය සමත්වෙලා අනෙක් අයට ආදර්ශයක් වෙන්න. මගේ අම්මයි තාත්තයි මට ගොඩාක් උදවු කළා. ඒවගේම මගේ පන්තිභාර ගුරුවරයා වූ මහින්ද සිරිවර්ධන ගුරුතුමාත්, කිත්සිරි ගුරුතුමාත්, එක වසරේ ඉදලා මට ඉගැන්වූ රන්ජනී ගුරු මෑණියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මගේ ආශාව තියෙන්නේ ලොකු පාසලකට යන්න. මට ඒ සදහා උදවු කරනවානම් ගොඩාක් කැමතියි.''
අබාධිත තත්වයේ සිට වුවද තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවී මෙලෙස උනන්දුවෙන් කටයුතු කල මෙවැනි දරුවන් සැබවින්ම තවත් අගයකිරිම හා ඔවුනට උදවු කිරීම සැබවින්ම සමාජ කාර්යක්ද වේ.
අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර