ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරය පුදබිමට ආසන්න කැළෑබද ප්‍රදේශයේ අහසේ ඒ මේ අත සැරිසැරූ අබිරහස් යානයක් ඇසගැටුණු බව ප්‍රදේශවාසීන් පවසා තිබෙනවා.
එහි ඡායාරූපක්ද මේ වන විට පුවත්පත්වල පළවී ඇති අතර සිද්ධිය ඇසින් දුටු අයෙකු මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින්....
පසුගිය 27 වැනිදා පසළොස්වක පෝය දිනයක්. එදා රාත්‍රි 9-10 අතර කාලයේදී තමා මේ යානය අහසේ දැක්කේ. ඒ වෙලාවේ ඒක තරුවක් වගේ සෙමින් පාවෙමින් තිබුණා. ඒකෙන් නිල්, කොළ, රතු සහ තැඹිලි පාට එළි විහිදුණා. දිඹුලාගල පැත්තේ සිට බටහිර අහස දෙසට මේ යානය පාත්වෙමින් තිබුණා. එය එක්වරක ආලෝකය නිවී ගොස් යළිත් ආලෝකය විහිදුවමින් ගමන් කළා.