Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
24
තමන් සදෙව්මි ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්චාරණය කරයි - UPDATE

- තමන් සදෙව්මි ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්චාරණය කරයි - UPDATEHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

197 Views
‘‘වළක් ඇතුලේ පුවක් අතු දමා නිදාගෙන ඉඳලා,
අහුවෙද්දි මල් පඳුරක් අස්සේ හැංගිලා‘‘


රටම කම්පාකළ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුණු තෙවන සැකකරු, තමන් විසින් එම ඝාතනය සිදු කළ බවට රහස් පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇති බවට වාර්තා වෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලබාදී ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඒ අනුව ඊයේ (23) දිනයේ රහස් ‍පොලිසියත් බුද්ධි අංශයත් බස්නාහිර උතුරු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීනුත් ගම්වාසීනුත් එක්ව කැලෑව පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.


එහි දී සැකකරු සරත් අයියාගේ වත්ත නමැති ප්‍රදේශයට පැන දුවන බව එක් අයකු දැක ඇත. ඒ අලුයම 5.30ට පමණය. ඒ අනුව සැකකරු සොයා පරීක්ෂණ සිදු කර තිබේ. එහි දී ඔහු පැන ගොස් ඇත. පසුව සියලු දෙනාම ඔහු පසුපස පන්නා තිබේ. එසේ ලුහුබැඳීමේ දී සැකකරු සැඟව සිටි ස්ථානය ද හමුවී ඇත. එනම් කුඩා වළක් තුළ පුවක් අතු දමා නිදාගැනීමට සුදුසු වන පරිදි ස්ථානයක් තිබි ඇත. එම ස්ථානයේ හිස් බිස්කට් පැකට් කිහිපයක් ද අනෝදා ගෙඩියක් ද තිබි ඇත. පසුව තවදුරටත් ඉදිරියට යාමේ දී සැකකරු සිටි තවත් තැනක් හමුවී ඇති අතර ඔහු රාත්‍රියේ ‍පොරවනු ලැබූ රෙද්දක් සහ දුරකථනය ද හමුවී තිබේ.

අනතුරුව ප්‍රදේශය පුරා ආරක්ෂාව තරකර ඔහු සිටිනා ප්‍රදේශය වටකර ඇත. එහි දී සැකකරු කැලෙන් පැනගොස් අසල පිහිටි සුසාන භූමියට ඇතුළු වී ඇත. පසුව සියලු දෙනාම සුසාන භූමිය වටලා ඇති අතර සුසාන භූමියේ පිටුපස පිහිටි මල් පඳුරක් යට සැඟව සිටිනු ‍පොලිසිය දැක ඇත. අනතුරුව ‍පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට කොළ පැහැති ටීෂර්ටයක් සහ කොටු සහිත කොට කලිසමක් ඇඳ සිට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු රහස් ‍පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සැකකරු හා ඔහුගේ වැඩිමහල් සොහොයුරාත් ගංජා පානය කිරීම සඳහා සේයාගේ මළ සිරුර හමු වූ වෙල්යායේ නිතර සැරිසරන බවත් දන්වා තිබේ. එහෙත් මෙම සිද්ධියෙන් පසුව මොහු අතුරුදන්ව ඇති බව පවසා තිබිණි. ඔවුන් පිළිබඳව පොලිසිය මුලදී සැක කළද පසුව වෙනත් පුද්ගලයන් වෙත අවධානය යොමු වීම නිසා ඔවුන් පිළිබඳ එතරම් සැලකිලිමත් වී නොමැත.

මෙම සැකකරුවන් දෙදෙනා තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇත්තේ ඔවුන්ගේ සොහොයුරිය පදිංචි කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ නිවසකය. මෙම නිවස පිහිටා තිබී ඇත්තේ ඝාතනයට ලක්‌වූ සේයා දැරියගේ නිවස ආසන්නයේය.

අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස්‌ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට සම්බන්ධ වූ අයෙක් බවටද තොරතුරු වාර්තා වෙනවා.

මොවුන් හිටිහැටියේම බඩල්ගම ප්‍රදේශය අතහැර පලා යැම පොලිසියේ සැකය තවදුරටත් වර්ධනය වීමට හේතුවක්‌ විය. පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව කළ මෙහෙයුමකදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර පසුව CID වෙත රැගෙනයාමෙන් අනතුරුව තමන් සදෙව්මි දැරියගේ ඝාතනය සිදුකළ බවට පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගත් තැන වීඩියෝව

සමුගන්න කළින් පුංචි සේයා ගෙදර අය එක්ක ගත කරපු අවසන් හොරා කිහිපයේ කියපු කතා

සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුවාගේ මව කියන කතාව - වීඩියෝ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top