පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලයේ කා අතරත් ජනප්‍රිය වූ දිමන්ක වෙල්ලාලගේ ගයන‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතය ඔෂානී සංදීපා නම් තරුණියක් විසින් ඇය ඉගෙනුම ලැබූ පන්තිය තුල ගායනා කර ෆේස්බුක් ඔස්සේ අන්තර්ජාලයට එක්කර තිබුණා.
අපද Hiru Videos ඔස්සේ ඇයගේ අපූර්ව හැකියාව ඔබවෙත ගෙන ආ අතර මේ වන විටත් එම වීඩියෝව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබෙනවා. එමෙන්ම ඇයගේ අපූර්ව කටහඬ පිළිබඳව බොහෝදෙනා සුභපැතුම් රැසක්ද එක්කර තිබුණා.
ඔෂානීගේ වීඩියෝව නැරඹීමෙන් පසුව ඇයගේ මෙම අපූර්ව හැකියාව සොයාගිය ‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතයේ පද රචක ඩිලාන් ගමගේ විසින් එම ගීතයේ පිළිතුරු ගීය ඇයගේම කටහඬින් ගීතයකට නඟා මේ වන විට අපවෙත ලබාදී තිබෙනවා.