කොළඹ විශ්වවිද්‍යාලයෙන් චාරිකාවකට සහභාගි වූ බෞද්ධ ශිෂ්‍ය භික්‍ෂූන් 30 දෙනකුගෙන් එක් ශිෂ්‍ය භික්‍ෂුවක් අඟහරුවාදා සවස පාසිකුඩා මුහුදට බිලි වී තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසර භික්‍ෂු සිසුවකු වන දෙනිකේ චන්දානන්ද හිමි (21) යන හිමිනම මෙසේ මරණයට පත්වී තිබෙනවා. දේහය පශ්චාත් පරීක්‍ෂණය සඳහා වාලච්චේන මූලික රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ කල්කුඩා පොලිසිය සිදුකරනවා.