විපක්ෂ නායක වෙල්ගමලු
මේ වන විට බිහි කරන්නයන ජාතික ආණ්ඩුවට සම්බන්ධ නොවන සන්ධානයේ හවුල්කාර පක්ෂ හා ජාතික ආණ්ඩුවට සම්බන්ධ නොවන මන්ත්‍රීවරුන් එක්වී නව පක්ෂයක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.
එලෙස පිහිටුවාගන්නා පක්ෂය පාර්ලිමේන්තුමේ විපක්ෂය ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් තොරතුරු වාර්තා වෙනවා.
එමෙන්ම විපක්ෂයේ නායකයා ලෙස කුමාර වෙල්ගම පත්කරන බවටද තොරතුරු වාර්තාවන අතර නව පක්‍ෂයට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 50-60 අතර ප්‍රමාණයක් සම්බන්ධ වන බව මේ වන විටත් තහවුරු කරගෙන ඇති බවයි පැවසෙන්නේ.