තම අනියම් බිරිඳගේ වසර එකහමාරක් වියෑති සිඟිති දරුවාට පහරදී ඔහුගේ කකුල් අඹරා කඩා දමා දරුවාගේ ගෙලද සපා කා බරපතළ තුවාල සිදුකළ අයෙකු පිළිබඳව පමුණුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම අමානුෂික පහරදීමට මවද සම්බන්ධ බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. මෙහි ප්‍රධාන සැකකරු කොන්ක්‍රීට් වැඩවල නියුතු කම්කරුවෙක් වන අතර ඔහු තම මිතුරකු සමග වෙන්නප්පුවේ කොන්ක්‍රීට් වැඩපළක සේවය කර තිබෙනවා.
එහිදී මිතුරාගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා මිතුරාගේ බිරිඳ කැඳවාගෙන පමුණුගම සෙත්තපාඩුව ප්‍රදේශයට පලාගොස් තිබෙනවා.
එහිදී සිඟිති දරුවා නිතර නිතර ඇඬීම පිළිබඳව උරණ වූ දරුවාගේ මව ඇගේ අනියම් සැමියා පොලඹවා අමානුෂික මෙම පහරදීම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ පිළිබඳව මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‌ෂක සමන්තිලක වැලිවිට මහතාට ලත් තොරතුරු අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන සිඟිත්තා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කෙසේ නමුත් අනියම් සැමියා සහ ඊට සහාය දුන් අනියම් බිරිඳ වූ දරුවාගේ මව අගෝස්‌තු මස 31 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.