ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ සහජීවනය ගොඩනැගීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ගේ ප්‍රසාදය හිමිවුණා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදියි.
පසුගිය මැතිවරණය සාමකාමී නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව ඇය මෙහිදී ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළා. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම රට තුළ සාමය සහ සහජීවනය ගොඩනැගිම සඳහා හැකි සෑම සහයක්ම ඇමරිකාව ලබාදෙන බවයි සහකාර රාජ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියේ. දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඇමරිකාව සමඟ ඉතා සුහදව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී සඳහන් කළා.
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදියි. ඊයේ අලූයම දිවයිනට පැමිණි නීෂා බිස්වාල් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ද හමුවුණා.
නීශා බිස්වාල් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් කොළඹදී අද හමුවීමට ද නියමිතයි.