මහමැතිවරණයේදී මතු වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාධක ලැබුණහොත් ඉදිරියේදී මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. කොළඹ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, මාතලේ දිස්ත්‍රික් සන්ධාන මනාප ලැයිස්තුව විකෘතිකර ඇති බවත් තමා ඊට එරෙහිව නඩු පවරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක පසුගියදා ප්‍රකාශ කළා.
එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ අපේක්ෂිකාවක වන රාජිකා වික්‍රමසිංහද මනාප පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබුණා. ඇය එහි සඳහන් කර තිබුණේ කෑගල්ල සන්ධාන මනාප ප්‍රතිඵල රහසිගතව වෙනස් කර ඇති බවයි.