ඉන්දියාව සමඟින් ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟයෙන් නොසිතූ ජයග්‍රහණයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත්වුණා.
තරඟයේ මුල් දින කිහිපය තුල වැඩි වාසි හිමිකර ගෙන සිටි ඉන්දීය පිලේ දෙවන ඉණිම නොසිතූ අයුරින් බිඳදමන්නට රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත් වූ අතර ශ්‍රී ලංකා පිලේ බිඳවැටුණු දෙවන ඉණිම ශක්තිමත් කිරීමට දිනේෂ් චන්දිමාල්ගේ අගනා ශතකය මහත් පිටුවහලක් වුණා.
තරඟයෙන් අනතුරුව සුපුරුදු දක්ෂතාවලට පිවිසි චන්දිමාල්ගේ ශතකය සැමරීමට ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම බිරිඳවන ඉෂිකාද සර්ප්‍රසිස් පාටියක් නිවසේ සංවිධානය තර තිබුණා. එහි තිබූ කේක් ගෙඩියේ චන්දිමාල් රැසකළ ලකුණු ප්‍රමාණයටද සටහන්කර තිබීම විශේෂත්වයක්.