ලොවටම හිසරදයක් වූ ISIS ත්‍රස්තයින් විසින් පසුගියදා නිකුත් කළ සිතියමක ඔවුන් වසර 2020 දී අල්ලාගන්නට යන රටවල් අතර ශ්‍රී ලංකාවත් ලකුණු කර තිබීම පිළිබඳව බොහෝ දෙනෙක් අතර කතාබහක් ඇතිවුණා.
එමෙන්ම ඔවුන්ගේ මෙලෙච්ඡ ක්‍රියාවන් මර්ධනයට ලොවපුරා රටවල් රැසක්ම මේ වන විට කටයුතු කරමින් යනවා. මේ අතර පසුගිය දිනෙක තවත් මෙලෙච්ඡ ක්‍රියාවක් සිදුකරීම නිසාවෙන් ISIS ත්‍රස්තයින් පිළිබඳව ලොවපුරා කතාබහට ලක්වුණා.
ඔවුන් සිරියාවේදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත අතර එය සිදුකොට ඇත්තේ උස්වූ ගොඩනැගිල්ලකින් පහතට දැමීමෙනුයි. ඔවුන් දෙදෙනාගේ දෑස් බැඳ මෙලෙස බිමහෙළා ඇති අතර පසුව ඔවුන්ට ගල්ගසා අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.