ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අනුර ප්‍රියදර්ශන යාපාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් සුසිල් ප්‍රේමජයන්තට කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ, අමාත්‍ය දුමින්ද දිසානායක සහ හිටපු අමාත්‍ය විශ්වා වර්ණපාල ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේදියි.