කෑගල්ල - කෙටලවල ප්‍රදේශයේ තම මාමා ඝාතනය කළ සැකකාර බෑණා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර පුද්ගලයා තම බිරිඳ සමග ආරවුලක පැටලී සිටියදී එය බේරීමට පැමිණි මාමාට පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර තිබුණා.
ජීවිතක්ෂයට පත්වූයේ 68 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධියෙන් තුවාල ලැබූ මියගිය පුද්ගලයාගේ දියණිය තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවා.