සවුඩෙලර් සුළි සුළඟ තායිවානයේ වෙරළාසන්න ප්‍රදේශ වෙත ඊයේ (08) අලුයම් කාලයේ ළඟා වුණා. පැයට කිලෝමීටර් 237ක උපරිම වේගයක් සහිත සුළි සුළඟ කඩා වැදීමත් සමඟ වෙරළාසන්න ප්‍රදේශවල ගස් ඉදිරී විදුලි රැහැන් කඩා වැටී විශාල හානියක් සිදුව ඇති බව සඳහන්.
ගුවන් ගමන් අවලංගු කර ඇති අතර හත් ලක්ෂයක් පමණ නිවාසවලට විදුලිය ඇණ හිට තිබෙනවා.
සුළි සුළඟින් මේ වනවිට ජීවිත හානි 4ක් සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කාලගුණවිද්‍යාඥයන් ප්‍රකාශ කළේ සවුඩෙලර්, කලාපයට හැමූ ප්‍රබලතම චණ්ඩ මාරුතය බවයි.