‘‘එයා අපේ පවුලේ හිතවතෙක්‘‘
අනතුරකට පත්වීමකින් මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව එය ඝාතනයක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ අනුව ඔහුගේ දේහය මේ මස 10 වනදා ගොඩගැනීමට නියමිතව තිබෙනවා.
කෙසේ නමුත් වසීම්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට නාමල් රාජපක්ෂ විසින් BBC සංදේශයට අදහස් පළකර ඇති අතර ඔවුන්ගේ පවුල්ට මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේක කර තිබෙනවා.
එමෙන්ම ඔහු වැඩි දුරටත් පවසා තිබෙන්නේ වසීම් යනු ඔවුන්ගේ පවුලේ හිතවතෙක් බවයි. එමෙන්ම තමන් ඔහු සමඟින් එකට කා බී ජීවත්වූ කෙනෙකු බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
එහි වීඩියෝව පහතින්....
රගර් ක්‍රීඩක තාජුදීන් ඝාතනය ගැන නාමල් රාජපක්ෂ කතාකරයි විශේෂ සාකච්චාව බලාපොරොත්තුවන්න
Posted by BBC Sinhala - සංදේශය on Friday, August 7, 2015