අභිරහස් ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය ගොඩගැනීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් සඳහන් කළා.
ඒ, එම මළ සිරුර ගොඩගෙන පරීක්ෂා කළ යුතු බවට රහස් පොලීසිය අද අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
මෙහිදී රහස් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ අස්ථී බිඳීමක් සිදුව ඇති බවට දක්වා ඇති බවයි. ඒ අනුව මළ සිරුර යළි ගොඩ ගත යුතු බවට රහස් පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.