අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් පොලීසියට රැගෙන යන අතරතුරදී පොලිස් නිලධාරියෙකුට ගෙළ මිරිකා පහරදී පළා ගිය සැකකරුවෙකු සොයා පොලීසිය මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මෙම පුද්ගලයන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොලීසිය අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක් කළේ පෙරේදා රාත්‍රියේයි.
එහිදී ඔවුන් බීමතින් සිටි බවට අනාවරණ වී තිබෙනවා. ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු ත්‍රිරෝද රථයේ නැග බීමතින් සිටි පුද්ගලයින් දෙදෙනා සමඟ පොලිසියට පැමිණෙමින් සිටියදී එක් සැකකරුවෙකු මෙලෙස අදාළ නිලධාරියාගේ ගෙළ මිරිකා පළා ගියා. මේ හේතුවෙන් සිද්ධියට මුහුණපෑ අනුරාධපුර පොලීසියේ රථවාහන අංශයේ සැරයන්වරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.