කිලිනොච්චිය - විශ්වමඩු ප්‍රදේශයේදී අතුරුදන් වූ 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ඊයේ (03) සොයාගෙන තිබෙනවා.
මෙම සිසුවිය අතිරේක පන්තියකට ගොස් නැවත නිවසට නොපැමිණීම නිසා ඇයගේ සහෝදරයා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඔවුන්ගේ දෙමාපියන් යුද ගැටුම් හේතුවෙන් මිය ගොස් ඇති අතර, අදාළ සිසුවිය මෙතෙක් හැදී වැඩී ඇත්තේ සහෝදරයාගේ නිවස තුළයි.
මුලතිව් ප්‍රදේශයේ ඥාති නිවසක සිටියදී ඇය අද සොයා ගැනුණා. එහිදී සිසුවිය ප්‍රකාශ කර ඇත්තේ සිත් අමනාපයක් හේතුවෙන් තමා සහෝදරයාගේ නිවසින් පිටත්ව ගිය බවයි.