ජනප්‍රිය නළුවෙක් වුණු විශ්ව කොඩිකාර පියෙක් වුණා කියලා හිරු ගොසිප් මුලින්ම ඔබවෙත ඒ සුභ ආරංචිය අරන් ආවා මතක ඇති. විශ්වගේ ජීවිතේ වැඩියෙන්ම සතුටට පත්වුණු දවස එදා කියලා තමයි ඔහු අපිත් එක්ක කීවේ.
ඒ වගේම විශ්ව බිරිඳට බබා හම්බවෙන වෙලාවේ ඇය ළඟින් හිටියා කියලත් කීවා. හැබැයි විශ්ව පිය පදවියට පත්වෙලා වැඩි දිනක් ගතවෙන්නට පෙරම බිරිඳගෙන් වෙන් වී ඇති බවට ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් පැතිර යමින් තිබෙනවා.
මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න අපි කතා කළා විශ්ව කොඩිකාරට එහිදී ඔහු අපට මේ පිළිබදව පැවසුවේ මේ ආකාරයෙන්....
"මෙහෙමයි මම මගේ බිරිඳත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒක ලොකු කටකතාවක්. හැබැයි එක්තරා දුරකට මෙහෙම දෙයක් තියෙනවා. මගේ බිරිඳ ඉන්නේ නුවර. ඉතිං මම පදිංචි නිවසේම තමයි මගේ බිරිඳ ඉන්නේ. බිරිඳත් මගේ දරුවන් දෙන්නම. ඉතිං මම මගේ වෘත්තීය සදහා මං එනවා කොළඹ. එතකොට මම බිරිඳත් එක්ක නැහැ. නැත්තම් මගේ බිරිඳත් එක්ක මං කිසිම ගැටළුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට ඉන්නවා. ඒක බොරුම බොරු කටකතාවක් කියලා මට එක හිතින්ම කියන්න පුළුවන්."