අම්මා තාත්තාගේ ආදරය සෙනෙහස පුංචි දරුවෙකුට කුඩා කාලේ ඉඳන් අවශ්‍යම දෙයක්. ඒත් ඒ හැමදේම අමතක කරලා කහ සිවුරකුත් සිරුරේ හොවාගෙන මේ සංසාර කතරෙන් එතෙරවෙන්න මඟක් හොයන පුංචි මෙහෙණින් වහන්සේ නමකට තමන්ගේ අතේ තිබුණු පුංචි මුදලකින් උදව් කරපු තරුණයින් දෙදෙනෙක් තමයි මේ.
අවුරුදු 5ක් විතර වෙන මේ පින්බර සාමණේර මෙහෙණින් වහන්සේ ඔවුන්ට නෙත ගැටිලා තිබුණේ වයසින් වැඩිහිටි මෙහෙනින් වහන්සේලා දෙනමක් සමඟ සිටියදීයි.
පිනෙන් පිරුණු සාමණේර මෙහෙණින්වහන්සේ දුටු ඒ මොහොතේ ඔවුන් කුමක් හෝ දෙයක් පූජා කිරීමට ඇත්නම් යැයි සිතා සාමණේර හිමි නමට අවශ්‍ය මොනයම් හෝ දෙයක් මේ වේලාවේ පූජා කිරීම කැප දැයි වැඩිහිටි මෙහෙණින්වහන්සේලාගෙන් ඔවුන් විමසනවා.