දවස් 7කට කලින් කොළඹ ඇවිත් අනියම් සැමියා එක්ක ලැගුම්හලක ඉඳලා
සිරුර අරන් යන හැටි CCTV කැමරාවේ
පසුගියදා උදෑසන කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පලේ ගමන් මල්ලක දෙකට නමා බහා තිබූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් පුවතක් පලවීමත් සමඟ ඒ පිළිබඳව රටපුරා ආන්දෝලනයක් ඇති වුණා.
මෙම සිරුර සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් දැනගැනීම සඳහා පොලිසිය විසින් ඇයගේ ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත්කර තිබුණා. ඒවා පළවීමත් සමඟ ඇයගේ අනන්‍යතාව මේ වන විට හඳුනාගැනීමට හැකිවී තිබෙනවා.
එමෙන්ම මෙම කාන්තාවගේ මියයෑම අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් බවටද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඇය යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ සැමියා විදෙස්ගතව රැකියාවක නිරතවන බවයි වාර්තාවන්නේ. ඒ අතර ඇය තවත් පුද්ගලයෙකු සමඟින් අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර මීට දින 7කට පමණ පෙර කොළඹ පැමිණ තිබෙනවා.
පසුව අනියම් සැමියා සමඟින් ලැඟුම්හලක සිට ඇති අතර එහිදී ඇතිවූ යම් ගැටුමක් නිසාවෙන් ඇයව ඝාතනය කර ඇඳුම් බෑගයේ දමා ගෙනැත් දමන්නට ඇතැයි මේ වනවිට සැක පහළ කරනවා. එමෙන්ම ලැගුම්හලේ සිටි අවස්ථාවේ එයින් පිටතට සිරුර ඇති රෙදි බෑගය රැගෙනයන අයුරුද මේ වන විට CCTV කැමරාවේ සටහන් වී ඇති බවට වාර්තා වෙනවා.
මීට පෙර වාර්තා මෙතනින් බලන්න..
බස්නැවතුමේ දෙකට නමා තිබූ සිරුර ඇති බෑගය හොයාගත්තේ වෙන බෑග් එකක් හොයනගමන් - Update
කොළඹදී ගමන් මල්ලකින් හමුවූ කාන්තා මළ සිරුර ඔබ හඳුනනවාද? - Photos
කොළඹ බස්නැවතුමක තිබූ බෑගයක අභිරහස් කාන්තා මළසිරුරක් - වීඩියෝ