පිටකොටුව - බැස්ටියන් මාවත - පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් අද (29) පෙරවරුවේ සොයා ගත්තා. බස් නැවතුමේ සිටි මගීන් කිහිපදෙනෙකු හිමිකරුවෙකු නොමැති ගමන්මල්ලක් දැක පරීක්ෂා කර තිබෙනවා. එහිදීයි මළ සිරුර දැක පිටකොටුව පොලිසියට දැනුම්දී ඇත්තේ.
ඒ අනුව, පිටකොටුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ ගමන්මල්ල නිරීක්ෂණය කර තිබෙනවා. එම නිරීක්ෂණයේදී බෑගය තුළ ඇති මළ සිරුර කාන්තාවකගේ බවට අනුමාන කළ හැකි සාධක ලැබී ඇති බව පිටකොටුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.
කෙසේ නමුත් මේ වන විට ඇය පිළිබඳව තොරතුරු සොයගැනීමට පොලිසිය ඔබගේ සහය පතා තිබෙනවා.
ඇයගේ මෘත ශරීරයේ ඡායාරූප කිහිපයක් මේ වන විට පොලිසිය විසින් මාධ්‍යට නිකුත්කර තිබෙනවා. ඒවා පහතින්.....
මේ පිළිබඳව මීට පෙර වාර්තාව මෙතනින්