දත් කඩා, උල් ආයුධයකින් බෙල්ලට ඇන, ඝාතනය කරලාලු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව රහස් පොලීසිය ඊයේ (27) අධිකරණයට දැනුම් දුන්නා. රහස් පොලීසිය ප්‍රකාශ කළේ අදාළ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා පරස්පර විරෝධී බවයි.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සැක කටයුතු අන්දමින් සිය මෝටර් රථය තුළ පිළිස්සී මිය ගොස් සිටියදී නාරාහේන්පිට - ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයේදී සොයා ගත්තේ පසුගිය 2012 වසරේ මැයි මස 17 වන දිනයි.
තාජුඩීන් මරණයට පත්වීමට පෙර සෘජු මොට ආයුධයකින් හිසට පහරදී උල් ආයුධයකින් ගෙලට ඇන දත් කඩා නොයෙක් කුරිරු වධ හිංසාවලට ලක් කර ඇති බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇති බව රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ එම කරුණු ඉදිරිපත් කළේය.
කාර් රථය තුළ පිලිස්සී තිබූ වසීම් තාජුඩීන්ගේ සිරුරේ හිසෙහි මොට ආයුධයකින් පහරදී සිදු කළ තුවාලය බෙල්ලෙහි උල් ආයුධයකින් ඇන සිදු කළ තුවාලය, සිරුරේ ප්‍රධාන කොටස්වලට සෘජු මොට ආයුධයකින් පහරදී සිදු කළ තුවාල සහ බිඳීම් මියයාමට පෙර සිදු කළ තුවාල බවට අනාවරණය වී ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.
ඉළ ඇට බිඳීම්, කලවා බිඳීම්, සිරුරේ දක්නට ඇති අතර දකුණු කකුලේ පේශියකට වීදුරු බෝතලයක් කඩා ඇන සිදු කළ තුවාලයක්, (වීදුරු කටු ද එහි තිබී ඇත) කටට පහර දී යටි ඇන්දේ ඉදිරිපස දත් කඩා දැමීමක්ද සිදු කර ඇති බව රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කළේය.
සිරුර සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ හා රස පරීක්ෂක වාර්තාවේ වූ දෝෂයන් සම්බන්ධව එම පරීක්ෂණ කළ නිලධාරීන් රහස් පොලිසියට කැඳවා දීර්ඝ ලෙස කළ විමර්ශනයේදී ඒ කරුණු අනාවරණය වූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වාර්තාව මේ වන තෙක් නිකුත් කර නැති බැවින් එය ඉදිරිපත් කරන ලෙසට අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ට නියෝග කරන ලෙසත් රහස් පොලිසියේ මිනීමැරුම් අංශ විමර්ශන නිලධාරී පොලිස් සැරයන් රත්නප්‍රිය ඉල්ලා සිටියේය.
වසීම් අනතුරට පත්වූ බවට පැවසුණු මෝටර් රථය ගිනිගෙන තිබූ අයුරු