ලොකුඅම්මාගේ අනුදැනුම මත වයස අවුරුදු 11 මාස 01 ක පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ මහප්පා අගෝස්තු මස 06 දක්වා රක‍්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් විමර්ශන අවසන්කොට පැමිණිලි ගොනු කිරීමට මෙම නඩුව එදිනට කැඳවන ලෙසත් නියම කළ කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අනුබල දුන් ලොකු අම්මා රුපියල් ලකෂයක ඇප දෙකක් මත මුදාහැරීමටද නියම කර තිබේ.
එසේ රක‍්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වෙදහේනයලාගේ විල්බට් නොහොත් රාජා නැමති විරිදියාවත්ත තලම්මැහැර පන්නල පදිංචි 48 හැවිරිදි දෙරු පියෙකු වූ අතර ඔහුගේ බිරිඳ වූ නිපුනච්චාරි ගණිතයලාගේ ඉන්ද්‍රානි යන අය ඇප මත මුදාහැරු තිබුණි.
දරුවාගේ මව විදේශගතව ඇති අතර පියා වෙන්ව දිවිගෙවන බවත්, දරුවා දුරකථනයෙන් සිය මවට හා පියාට සිද්ධිය දැනුම්දීමෙන් අනතුරුව පියා විසින් පැමිණිල්ල සිදුකර ඇත. දරුවා මේ වනවිට වෛද්‍ය පරීකෂණ සඳහා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කොට ඇත.